කොවිඩ්19 පාලනය කරමින් රට සාමාන්‍ය කිරීම අද සිට ආරම්භ වීමත් සමඟ ඊට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කෙරෙන බවට සති අන්තය පුරා පුවත් පැතිර ගියා.
මෙතෙක් එම නිවේදනය ප්‍රකාශයට පත් නොවීම ගැන අද සජීවී රූපවාහිනී වැඩසහනකදී පිලිතුරු දුන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ එය නීතිපති වරයා ගේ අවදානයට යොමුකර ඇති බවයි.
කොවිඩ්19 සම්පූර්ණයෙන් ම තුරන් කිරීමේ තත්ත්වයක් නොව එය මනා ලෙස පාලනය කළ තත්ත්වයක් කෙරෙහි
ජනතාව අවධානයට ලක් කලයුතු බව ඔහු වැඩිදුරටත් පැවසුවා.