ඇඳිරිනීතිය හේතුවෙන් බස්නාහිර පළාතේ සිරවී සිටින පුද්ගලයින් ගම්බිම් බලා යැවීමේ වැඩපිලිවෙලේ තුන්වන අදියර අද ක්‍රියාත්මක විය.
කැළනිය සහ නුගේගොඩ ප්‍රදේශ වලින් පසුව අද මෙසේ ගම්බිම් වලට යැවුණේ ගල්කිස්ස පොලිස් කොට්ඨාශයට අයත් පොලිස් වසම් වල රැඳී සිටි 1200ක පිරිසකි.
රත්මලාන දුම්රිය ක්‍රීඩාංගණයේ සිට ඔවුන් වෙත ප්‍රවාහන පහසුකම් ලබාදුන් අතර, නිර්දේශිත වෛද්‍ය පරීක්ෂණ සහ උපදෙස් මෙන්ම දුර බැහැර යන අය වෙනුවෙන් ආහාර පහසුකම් ලබා දීමද සිදුවිය.