හෙට අලුයම 5 ට දිවයිනේ දිස්ත්‍රික්ක 21ක ඇඳිරිනීතිය ඉවත් කෙරෙනවා.
නමුත් බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ඇඳිරිනීතිය දිගටම ක්‍රියාත්මකයි .
එම ප්‍රදේශ වල ජනතාවට අත්‍යවශ්‍ය කටයුතු සඳහා බැහැරට යාමට අවසර ඇත්තේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංක අනුවයි.
ඒ අනුව හෙට අංක 1.2 සඳහා අවසර හිමි වනවා.
කෙසේ වෙතත් ඇඳිරිනීතිය ඉවත් කල ප්‍රදේශ වලට මෙම නීතිය බලපැවැත්වෙන්නේ රාත්‍රී 8 සිට පසුදා අලුයම 5 තෙක් පමණයි.
මෙලෙස බැහැර යාමේදී ලඟම ඇති වෙළඳ සැලෙන් සිය අවශ්‍යතා සපුරා ගන්නා ලෙස දන්වා තිබෙනවා.
හෙට අලුයම 5 ට ඉවත් කෙරෙන ඇඳිරිනීතිය යලි එම ප්‍රදේශ වල පැණ වෙන්නේ රාත්‍රී 8ටයි.
මැයි 6 වනදා තෙක් එම තත්ත්වය ක්‍රියාත්මකයි .
යලි මැයි 6 දා රාත්‍රී 8 සිට දිවයින පුරා ඇඳිරිනීතිය මැයි 11 දක්වා බලපැවැත්වේ .