“බහාලන කවර” කතාවේ ඇත්ත නැත්ත

April 26, 2020 at 9:43 PM


මෙරට සමාජ මාධ්‍ය සන්නිවේදකයෙකු හා තරුණ දේශපාලන නියෝජිතයෙකු වන මිලින්ද රාජපක්ෂ එම සටහන තබන්නේ මෘතදේහ බහලුම් 1000ක් ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයෙන් ඉල්ලූ බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂයකින් යැවූ ලිපියක් කරලියට පැමිණි බැවිනි.
මේ එම ලිපියයි.
ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වන මිලින්ද රාජපක්ෂ;

මේ බහාලුම් 300 ක් විතර ගිය මාසයේ අමාත්‍යාංශය සතුව තිබිල. සෞඛ්‍ය බලධාරීන් තීරණයක් ගන්නවා රට පුරා රෝහල් වල සිදුවන හදුනානොගත් / ලෙඩේ තහවුරු කර නොගත් මරණ සියල්ලම මේ බහාලුම් වලට දාන්න. උදාහරණයක් විදියට නිකන් නිව්මෝනියාව හැදිල මැරුණත් දාන්නෙ මේ බෑග්වලට. ඒක වැඩි හොදට අපි ගත්ත බුද්ධිමත් සෞඛ්‍ය තීරණයක්. ඉතින් අර බහාලුම් 300 රට පුරා බෙදල ඉවර වෙනවා. අලුත් බහාලුම් ඕන වෙනවා ඊලග මාස වල බෙදන්න. ඉතින් පුරුදු විදියට සෞඛ්‍ය අමාත්‍යාංශය 1000 ක් ඉල්ලනව රතු කුරුසෙන්. මේ වෙනකොට කොරෝනා වලින් ලංකාවෙ මැරුනෙ 7 යි.

‍රතු කුරුසෙ, ජාත්‍යන්තර ආධාර දෙන ආයතනයක් විදියට අමාත්‍යාංශයෙන් request letter එකක් ඉල්ලනව. අතිරේක ලේකම් දොස්තර සුනිල් ද අල්විස් මහත්තයාගේ අත්සනට මේ ලියුම එයාගෙ කණිෂ්ඨ නිළධාරින් හදල යවනවා. මේ වගේ ලියුම් දෙතුන් සීයක් අමාත්‍යාංශ ලේකම් කෙනෙක් දවසට අත්සන් කරනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වෙලාවේ ලංකාවේ බිසීම තැන. අපි මුලින්ම කතාකරද්දි මේ ලිපිය ගැන ඔහුට මතකයක් හෝ අවබෝධයක් තිබ්බේ නෑ. මේ කලබල අස්සේ ඒකත් සාධාරණයි.

දැන් ඇත්ත ප්‍රශ්නෙට එමු. මේ ලියුම මහජනතාව කැළඹෙන පරිදි එලියට දැම්මෙ කවුද? මම දැක්ක පිරිමි නර්ස් කෙනෙක් සහ දොස්තර කෙනෙක් කියල හදුන්වා ගන්න දෙන්නෙක් ෆේස්බුක් එකේ දාල තිබ්බ ආණ්ඩුව මිනිස්සු දාහස් වලලන්න ලෑස්ති වෙනව කියල. රාජ්‍ය බුද්ධි අංශ වහාම මැදිහත්වී මේ පුවත් මවන්නන්, ජනතාව උසි ගන්වන්නන්, බොරු ප්‍රචාර යවන්නන් ප්‍රශ්න කල යුතුයි.

මේ ගැන තවත් සටහනක් ෆේස්බුක් හි පළවී තිබිණි .

සෞඛ්‍ය අමාත්‍යාංශය මෘතදේහ බහාලන ( Body Bags) දහසක් හදිසියේ ඇනවම් කළේ ඇයි?
මෙවැනි විට සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සුනිල් අල්විස් මහතා විසින් අත්සන් කරන ලද ලිපියක් සම්බන්ධව ආන්දෝලනයක් ඇති වි ඇත. එය සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කර ලිපියක් වන අතර එය ව්‍යාජ ලිපියක් නොවන බවද සඳහන් කරනු කැමැත්තෙමි.

මෙම හදිසි අවස්ථාවේදී රටපුරා සිදුවන හදිසි මරණ, සැකසහිත මරණ ,හඳුනාගත නොහැකි මරණ, ඇතුළු corona රෝගී තත්ත්ව ආසාදන වූ තහවුරු වූ සහ corona රෝගී තත්ත්වය ආසාදිත බවට තහවුරු නොවූ එහෙත් සැක සහිත සියලු මරණ පවතින සෞඛ්‍ය අනාරක්ෂිත භාවය මත පදනම් කොට බොහෝ අවස්ථාවන් වලදී මහේස්ත්‍රාත්වරුන්, අතිරේක මහේස්ත්‍රාත්වරුන්, හදිසි මරණ පරීක්ෂකවරුන්, විසින් ද අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හො සෞඛ්‍ය බලධාරීන් ආදී කණ්ඩායම්වල ඉල්ලීම මත ඒ ඒ අවස්ථාවන් වලදී සාමාන්‍ය මරණයක් සඳහා පරීක්ෂණ සිදුකරන ක්‍රමවේදය වෙනුවට මෘතදේහය මෘතදේහය බහාලන Body Bag දමා එය ආදාහනය කිරීම වේගය මේ වන විට වැඩි වී ඇත..

මේ තත්ත්වය යටතෙ දිනකට සැලකිය යුතු මරණ ප්‍රමාණයක් සිදුවන මූලික රෝහල්, ශික්ෂණ රෝහල හා ප්‍රධාන ජාතික රෝහල් සඳහා මෘත දේහ බහාලන විශාල ප්‍රමාණයක් දෛනිකව අවශ්‍ය වී ඇත.

පසුගිය කාලසීමාවේදී corona ආසාදිත හත් දෙනකු පමණක් මියගිය නමුත් සැක සහිත හා හදිසි මරණ තුන්සියයකට 300_ අධික ප්‍රමාණයක් දිවයින පුරා සිදුවී ඇත… මේ සියල්ල මෘතදේහ බහාලන භාවිතා කරමින් ආදාහනය කිමට සිදුව ඇති අතර මේ තත්ත්වය යටතේ මෘතදේහ බහාලන බෑග් වැඩි ප්‍රමාණයක් අදාළ රෝහල්වලට යැවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදුව ඇත..

දැනට රට තුළ උද්ගතව ඇති හදිසි වසංගත රෝගී හා සෞඛ්‍ය අනාරක්ෂිත තත්ත්වය තවත් සති කිහිපයක් පැවතිය හැකි බැවින් ද අදාළ කාලසීමාවන් තුළදී මියයන corona බව තහවුරු නොවූ එහෙත් සැකසහිත හදිසි මරණ සඳහා ද ආරක්ෂක ක්‍රමයක් ලෙස ප්‍රජාව ගේ ආරක්ෂාව සැලසීම සඳහා සෞඛ්‍ය හා අනෙකුත් රාජ්‍ය නිලධාරීන් සැක සහිත මරණ වලින් කුමන හෝ අන්දමක අනාරක්ෂිත තත්වයට පත්වීම වැළැක්වීම උදෙසාත් මේ අන්දමට මෘතදේහ බහාලන යොදා ආදාහනය කිරීම සිදුවන බැවින් එවැනි බෑග් දහසක් ඇලූම් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය අභ්‍යන්තර තොරතුරු වාර්තා කරයි.

(මේ සම්බන්ධව මහජනතාව දැනුවත් කරන ලෙස මගෙන් ඉල්ලීමක් කළ දැනට මධ්‍යම ඖෂධ ගබඩාව භාර අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතාට විශේෂ ස්තුතිය)

ඒ අනුව ලිපිය සත්‍ය එකක් බවත් එහි අරමුණ කවරේද යන්නත් පැහැදිලි වෙයි.
කෙසේ වෙතත් අභ්‍යන්තර ලිපියක් වගකීම් විරහිත ලෙස මාධ්‍යයට මුදා හැරීම සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශ්වයන්ගේ අවධානය ද යොමුව ඇති බව වාර්තා වේ.