දළදා මාළිගාවෙන් නිවේදනයක් !

January 18, 2021 at 11:45 AM

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ  පොලිස් ස්ථානයට අනුයුක්ත  නිලධාරීන් සිව්දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව එම පොලිස් ස්ථානයේ සෙසු නිලධාරීන් සියලු දෙනා නිරෝධායනයට යොමු කර පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු ආවරණය කිරීම සඳහා වෙනත් පොලිස් ස්ථාන වලින් නිලධාරීන් අනුයුක්ත කර ඇති බව මහනුවර ශ්‍රී දළදා මාලිගාව නිවේදනය  කරනවා.

වැඩිදුරටත් එහි දැක්වෙන්නේ දෛනික තේවාවන් ඇතුළු පුද පුජා වත් පිළිවෙත් සිරිත් ප්‍රකාරව සිදු කරන බවයි

දළදා මාළිගාවේ කාර්‍ය මණ්ඩලයේ කිසිවෙකුටත් වෛරසය ආසාදිත නොවන බවද එහි සඳහන්.