LPL තරගාවලියේදී සහය දක්වන කණ්ඩායම ගැන මහේල සහ සංගා හෙළි කරයි

November 25, 2020 at 12:30 PM

එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර සහාය පළකර තිබෙනවා.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය යාපනය ස්ටැලියන්ස් කණ්ඩායමට විශිෂ්ට තරගාවලියක් වේවා යැයි තමන් ප්‍රාර්ථනා කරන බවයි කුමාර් සංගක්කාර විශේෂ සඳහනක් කළේ.

සංගක්කාර මීට පෙර යාපනයේ ස්ටැලියන්ස් කණ්ඩායම සිය ජර්සිය ප්‍රකාශයට පත් කරමින් පලකළ ට්විටර් පණිවිඩය ද සංගක්කාර විසින් රීට්වීට් කර ඇත.

යාපනය ස්ටැලියන්ස් කණ්ඩායම සිය උපදේශකයා ලෙස කුමාර් සංගක්කාර හට ආරාධනා කළ බවට මීට පෙර වාර්තා විය.

මේ අතර රසිකයෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ක්‍රිකට් නායක මහේලා ජයවර්ධන ද ඉදිරි තරගාවලියේදී තමන් යාපනය ස්ටැලියන්ස් සඳහා සහාය දෙන බව පවසා සිටියා.