කොළඹ හෝටලයක පැවති විවාහ උත්සවය පොලිසිය මැදිහත්වී නවත්වයි

October 30, 2020 at 4:15 PM

නිරෝධායන ඇඳිරි නිතිය පනවා ඇති අවස්ථාවේදී කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක පැවැත්වෙමින් තිබු විවාහ උත්සවයක් පොලිසිය මැදිහත්වී නතර කිරීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

මෙම විවාහ මංගල උත්සවයට 35 දෙනෙකුගෙන් යුත් පිරිසක් සහභාගිවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඇඳිරි නිතිය පනවා ඇති අවස්ථාවේදී විවාහ මංගල උත්සවයෙක් පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක්ද ආරම්භ කොට ඇති බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.