අලුතින් i𝐏𝐡𝐨𝐧𝐞 එකක් ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු 05ක්

June 4, 2020 at 8:16 PM

By Kosala Jayasekara

ගොඩක් දෙනා අලුතින්ම වෙළදපොලට නිකුත් වන දුරකතනය මිලදී ගැනීමට අදහස් කරන් සිටියත් මිල ඇතුලු ඇතැම් කාරණා නිසා මිලදී ගන්නට පසුබට වෙනවා.ඒ වගේම අලුතින් iPhone එකක් ගැනීමේදීත් සැලකිලිමත් විය කරුණු කිහිපයක් තිබෙනවා.

Brand New ගන්නම ඕනද ?
සමහර අය ගොඩක්ම කැමති පාවිච්චි නොකරපු එහෙමත් නැත්තම් Seal Pack iPhone එකක් ගන්න. ඒත් මෙතනදී මතක තියා ගන්න අවශ්‍ය ඇතැම් රටවලින් එන පාවිච්චි කරපු iPhone නැවත Repack කර විකුණන ආයතනත් ඇති බව.

තවත් සමහර අය Brand New iPhone ගන්න හොයනවා අවුරුදු කිහිපයක් පැරණි. තමන් අතේ සරිලන මුදලක් නැති නම් එවැන්නක් කරන්න යන්න එපා. මොකද Brand New iPhone 4 / 5 වගේ ඒවා අරගෙන වැඩක් නැහැනේ. අලුතින් ගන්නවානම් නිතරම අලුත් එකකට එහෙමත් නැත්තම් ඒ වසරේ නිකුත් වුන iPhone එකකට යන්න. එහෙම එකක් ගන්න බැරිනම් අවුරුදු ගනන් පරණ iPhone අලුතින් ගන්න යන්න එපා.


අලුතින් iPhone එකක් ගන්න හොද කොයි කාලෙද ?
මේකට iPhone Launch Cycle Patten එක දිහා බැලුවම යම් අදහසක් ගන්න පුලුවන්. දැනට Apple සමාගම Release කරන Phone Model වර්ග දෙක වන iPhone Base Line සහ iPhone Flagship එනම් දැනට iPhone 11 Base Line යටතටත් iPhone 11 Pro සහ iPhone 11 Pro Max Flagship යටතටත් ඇතුලු වනවා. මීට අමතරව නිකුත් වුන iPhone SE 2020 Base Line හෝ Budget Category එකට අයිති වන Phone එකක්.
සෑම අවුරුද්දකම සැප්තැම්බර් මාසයෙන් (Fall / Autumn Session) ඇරඹෙන සරත් ඍතුවේදී නව iPhone එලි දැක්වීම සිදු කරනවා. එමනිසා අලුත් iPhone එකක් ගන්නවානම් ඒ කාලය වන තුරු ඉවසන්න.


Warranty ගන්න දුක් විදින්න වෙයිද ?
iPhone එකක් අලුතින් මිලදී ගැනීමේදී අවුරුද්දක Apple Care Warranty එකක් ලැබෙනවා. මෙමගින් iPhone එකේ යම් දෝෂයක් සිදු වූ විට Apple Store එකක් හරහා හෝ බලයයත් ආයතනයකින් එය පරීක්ෂා කර ගැනීමට හැකියාව ලැබෙනවා. අවශ්‍ය නම් යම් මුදලක් වැඩිපුර ගෙවා Apple Care + ලබා ගන්නත් පුලුවන්.

ඒ වගේම ඔබ මිලදී ගත් iPhone එක Apple Store එකක් වෙත යැවීමට හැකියාව ඇත්නම් Warranty වලට වැඩි මිලක් ගෙවීමට පෙර දෙවරක් සිතන්න.අපිට ලගම Apple Store පිහිටා ඇත්තේ Singapore සහ UAE වලයි.


රටින් ගන්න හොද නැද්ද 🤔
ඇතැම් අය අතර මතයක් තිබෙනවා විවිද රටවල් වලින් iPhone ගන්න හොද නැහැ කියලා. එය තරමක් මිත්‍යා විශ්වාසයක්. දැනට සියලුම iPhone Assemble කරනු ලබන්නේ චීනයේ. නමුත් යම් රටවල පවතින Telecommunication Regulatory සහ Digital Ethics and Law නිසා විවිධ රටවල iPhone වල කිසියම් වෙනස් කමක් දැක ගන්න පුලුවන්. උසාහරණයක් ලෙස UAE සඳහා නිෂ්පාදිත iPhone වල FaceTime අඩංගු නොවේ. නමුත් එය දුරකතනයේ ගුණාත්මකභාවයට බලපෑමක් එල්ල නොකරන තරම්ය. එම නිසා තමන්ගේ අවශ්‍යතාවයට සරිලයිනම් මිලදී ගැනීමේදී රට පිලිබඳ වද නොවන්න.


Error Ratio සහ කරුමය 🤭
ඕනෑම Electronic Device එකක් නිෂ්පාදනය කිරීමේදී ඒ සඳහා බාවිතා කරනු ලබන උපකරණ වල යම් දෝෂ මාපාංකයක් තිබෙනවා. මෙය iPhone වලදී ඉතාම අඩු අගයක් ලෙස තබා ගැනීමට Apple සමාගම ඉතා වෙහෙසක් ගනු ලබනවා. නමුත් ඉතා කුඩා අගයක් වන දෝෂාකංය නිෂ්පාදනය කරනු ලබන දුරකතන ප්‍රමාණය සමග ගණනය කිරීමේදී නිෂ්පාදනයේදීම හෝ අප අතට පත්වූ පසු එම දෝෂය බලපා හැකි දුරකතනයක් අපට ලැබීමට යම් සම්බාවිතාවයක් තිබෙනවා. එම නිසා එවැනි අවස්තාවක මිලදී ගත් ආයතනයට හෝ වෙනත් අයට බැනවැදීමට හෝ කරුමය ලෙස නොසිතා අවශ්‍ය පියවර ගැනීමට උනන්දු වන්න.

අවසාන වශයෙන් ඔබ අලුතින් iPhone එකක් ගන්නේ එය සදා කල් බාවිතා කිරීමට නම් හොදම දේ iPhone එකක් මිලදී නොගැනීමයි. තමා සතු සියලු සන්තකය යොදා iPhone එකක් මිලදී ගැනීමට පෙර එය කාලයත් සමග තමන්ට upgrade කිරීමට හා එහි හොදම බාවිතාවයක් තිබේදැයි දෙවරක් සිතන්න.