යූනියන් ඇෂුවරන්ස් ප්‍රිමියර් ක්ලබ්’ ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමේ

November 22, 2021 at 10:39 AM

 

ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තම ත්‍යාග වැඩසටහන මෙන්ම, වඩාත්ම ආකර්ෂණීය ත්‍යාග පිරිනමන වැඩසටහන ලෙස සැලකෙන ‘යූනියන් ඇෂුවරන්ස් ප්‍රිමියර් ක්ලබ්’ යටතේ සුදුසුකම් ලැබූ ප්‍රථම රක්ෂණ නියෝජිතයන් කණ්ඩායමට ත්‍යාග පිරිනැමීමේ උත්සවය 2021 නොවැම්බර් 07 වන දින කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්විණි. විශිෂ්ට පාරිභෝගික සේවාවක් සමගින් ජාත්‍යන්තර තලයේ විකිණුම් කුසලතා ප්‍රදර්ශනය කරන රක්ෂණ උපදේශකවරුන් ඇගයීමට ලක්කිරීම සඳහා යූනියන් ඇෂුවරන්ස් සමාගම විසින් ‘යූනියන් ඇෂුවරන්ස් ප්‍රිමියර් ක්ලබ්’ හඳුන්වා දෙන ලදි.

“‘යූනියන් ඇෂුවරන්ස් ප්‍රිමියර් ක්ලබ්’ වැඩසටහන යටතේ ඇගයීමට ලක්වන මුල්ම කණ්ඩායමට මගේ උණුසුම් සුබපැතුම් මෙසේ පිරිනමනවා. අපගේ රක්ෂණ නියෝජිත බලකාය එහි හැකියාවන් හා පාරිභෝගික කේන්ද්‍රීයත්වය සම්බන්ධයෙන් නව මානයක් වෙත රැගෙන යාමට අප උත්සාහ දරමින් සිටින මේ මොහොතේ, මේ මුල්ම ජයග්‍රාහකයන් කණ්ඩායම රක්ෂණ ක්ෂේත්‍රය තුළ පෙරළියක් ඇතිකරමින් සිටිනු දැකීම අපමණ සතුටක්.” යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා පැවසී ය.

‘යූනියන් ඇෂුවරන්ස් ප්‍රිමියර් ක්ලබ්’ ජයග්‍රාහකයන්ට මෙම උත්සවයේදී ත්‍යාග හා දීමනා රාශියක් පිරිනැමිණි. මෙම ත්‍යාග අතරට සමාගම මගින් නඩත්තු කරනු ලබන සුඛෝපභෝගී වාහනයක්, ඉන්ධන සහ මුදල් ත්‍යාගද ඇතුළත් විය.

“යූනියන් ඇෂුවරන්ස් ප්‍රිමියර් ක්ලබ් යනු ඉහළම මට්ටමේ රක්ෂණ නියෝජිතවරුන්ගෙන් සමන්විත සුවිශේෂී සමාජයක්. විකිණුම් කටයුතු හා පාරිභෝගික සේවාව සම්බන්ධයෙන් විශිෂ්ටතම දක්ෂතා දක්වන රක්ෂණ නියෝජිතයන්ට මේ සුවිශේෂී සමාජයට ඇතුළත් වීමට අවස්ථාව ලැබෙනවා. මේ ආකාරයට අපගේ විකිණුම් කණ්ඩායම වෙනුවෙන්, ක්ෂේත්‍රයේ විශිෂ්ටතම ත්‍යාග වැඩසටහන හඳුන්වා දීමට හැකිවීම අපට මහත් සතුටක්. සමාගමක් ලෙස අපගේ අරමුණ වන්නේ, ශ්‍රී ලාංකිකයන්ගේ සිහින සහ ජීවන රටාවන්ට රැකවරණය දෙමින් ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ අලෙවිය වැඩි කිරීමයි. මේ අරමුණ යථාර්ථයක් බවට පත්කිරීමේදී මේ විශිෂ්ට තලයේ රක්ෂණ නියෝජිතයන් සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරනවා.” යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන බෙදාහැරීම් නිලධාරී සෙනත් ජයතිලක මහතා පැවසී ය.

‘යූනියන් ඇෂුවරන්ස් ප්‍රිමියර් ක්ලබ්’ වැඩසටහනේ මුල්ම කණ්ඩායම ලෙස සුදුසුකම් ලැබුවේ උපුල් ප්‍රියන්ත, චාමර මෙන්ඩිස්, හේරත් මුදියන්සේලාගේ, චානක අප්පුහාමි, සඳුන් සිරිවර්ධන, මලින්ත ගුරුසිංහ, අමිල හර්ෂණ, නයෝමි මීගහපොළ, තරිඳු කුරුප්පු, උදාන් සිල්වා, ජීවන් විජේකෝන්, සුරේෂ් බණ්ඩාර, කුමාරසිරි රාමනායක, මහේෂි ප්‍රනාන්දු, උපාලි විජේසූරිය, සහ රොහාන් විජේවර්ධන යන අයයි. මෙම 16 දෙනා Million Dollar Round Table (MDRT) සාමාජිකත්වය සඳහාද සුදුසුකම් ලබා තිබේ.

ශ්‍රී ලාංකිකයන්ගේ සිහින හා අපේක්ෂාවන් යථාර්ථයක් බවට පත්කරමින් වඩාත් සුරක්ෂිත ශ්‍රී ලංකාවක් බිහිකිරීම සඳහා යන ගමනේදී, ගනුදෙනුකරුවන්ට විශිෂ්ට සේවාවක් සැපයීම සිය අරමුණ කරගත් රක්ෂණ උපදේශකවරුන් අතිශය වැදගත් කාර්යභාරයක් ඉටුකරන බව යූනියන් ඇෂුවරන්ස් සමාගම විශ්වාස කරයි. එම කාර්යභාරය තවදුරටත් දිරිමත් කිරීම ‘යූනියන් ඇෂුවරන්ස් ප්‍රිමියර් ක්ලබ්’ වැඩසටහනේ ඉලක්කය වී තිබේ.

ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් සමූහයේ සාමාජිකයෙකු වන යූනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට පැරණිතම පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම් අතරින් එකකි. මේ වනවිට එහි 3,000 කට අධික පරිසක් සේවය කරන අතර, රටපුරා ශාඛා 82 ක් විවෘත කර තිබේ. එම සමාගම 2021 ජූනි මාසය වන විට රු. බිලියන 16.6 ක වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක්, රු. බිලියන 45.3 ක ක ජීවිත රක්ෂණ අරමුදලක් සහ 300% ක ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතයක් (Capital Adequacy Ratio – CAR) වාර්තා කරගෙන ඇත. ශ්‍රී ලාංකිකයන්ට තම සිහින හඹා යාමට අත්වැලක් වෙමින් එම සමාගම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආයෝජන, රැකවරණය සහ විශ්‍රාම ජීවිතය යන විවිධ අංශ ආවරණය වන පරිදි රක්ෂණ විසඳුම් රාශියක් හඳුන්වා දී තිබේ.