අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිධුරයේ පත්වීම් ලබයි

September 15, 2021 at 12:11 PM

ශ්‍රී ලංකා මහ බැංකුවේ 16 වන අධිපතිවරයා ලෙස පත් කෙරුණු අජිත් නිවාඩ් කබ්රාල් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගනු ලැබුවා.

ප්‍රවීණ වරලත් ගණකාධිකාරීවරයෙකු වන ඔහු මීට පෙර අමාත්‍යාංශ ලේකම්වරයෙකු මෙන්ම වසර 09කට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපති ධූරය ද හොබවා ඇත.

මේ අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ද මෙම අවස්ථාවට සහභාගී විය.