වන්නිල ඇත්තන්ගේ බිරිඳ කොවිඩ් ආසාදිත ව මිය යයි.

September 4, 2021 at 11:21 PM

වැදිනායක ඌරුවරිගේ වන්නියලැත්තන් ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන්මැණිකා කොවිඩ් ආසාදිත ව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සැප්තැම්බර් 4 දා පස්වරුවේ මියගොස් ඇත.

(වන්නියලැත්තන් ගේ පවුලේ උදවිය පෙනී සිටින ඡායාරූපයක් )

හීන්මැණිකා කොවිඩ් ආසාදිත ව මීට සතියකට පමණ පෙර රෝහල්ගත කෙරිණ.

ඇය කලක් තිස්සේ වකුගඩු ආබාධයකටද ගොදුරුව සිටිබව වාර්තා වේ.

ඇය දරුවන් නව දෙනෙකුගේ මවක බව පැවසේ.

ඡායාරූපය : සමාජ මාධ්‍ය

මේ ඌරුවරිගේ වන්නියලැත්තන් කොවිඩ් වසංගතය ගැන මෑතකදී පළකළ අදහස් ය.