ඝාතනයට ලක්වූ සන්ෂයින් සුද්දාට කොවිඩ්

September 4, 2021 at 2:49 PM

මාතර, වැලිගම කොටවිල ප්‍රදේශයේදී ඝාතනයට ලක්වු හෙට්ටිහේවගේ අමිල ප්‍රසන්න හෙවත් “සන්ෂයින් සුද්දා“ කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා.

කොටවිල, වරකාපිටිය පාසල අසලදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී කිසියම් පුද්ගලයෙක් විසින් වෙඩිතබා ඝාතනය කරනු ලැබුවා.

මියගිය සන්ෂයින් සුද්දාගේ මෘත දේහය සම්බන්ධයෙන් අද දිනයේ සිදුකළ PCR පරීක්ෂණයේදී කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

සන්ෂයින් සුද්දාට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස චෝදනා එල්ලවී තිබෙනවා.

සන්ෂයින් සුද්දාට වෙඩි තැබීමේ සිද්ධිය සඳහා යොදාගත් මෝටර් රථය ද මාතර ප්‍රදේශයේ අතහැර දමා තිබියදී සොයාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කොටවිල පොලිසිය වැඩිදුර විමර්ෂණ සිදුකරනු ලබනවා.