විදෙස්ගත වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් හට කොවිඩ් මර්ධන එන්නත් ලබාදීම ඇරඹේ (PHOTOS)

July 29, 2021 at 6:42 AM

රැකියා සදහා විදේශගත වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා කොවිඩ් මර්ධන එන්නත් ලබාදීමේ වැඩසටහන ඊයේ දින නාරාහේන්පිට යුධ හමුදා රෝහලේ දී ආරම්භ කෙරුණා. කොවිඩ් මර්ධන එන්නත් ලබා ගැනීම සඳහා මාර්ගගත ක්‍රමයට (online) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූ බස්නාහිර පළාතේ විදේශ රැකියා අපේක්ෂිතයින් 1200 කට පමණ කොවිඩ් මර්ධන එන්නත ඊයේ දින සිට ලබා දෙන ලදී.

ශ්‍රී ලාංකිකයන් රැකියා සඳහා විදේශගත වන රටවල් රැසකම පිළිගනු ලබන්නේ ෆයිසර් එන්නත බැවින්, එම එන්නත විදේශ රැකියා අපේක්ෂකයන් හට ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟතාවය පළ කළ අතර, ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍ය බලකාය විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

ඊයේ දින මෙම වැඩසටහනේ ආරම්භක අවස්ථාවට කම්කරු අමාත්යි නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ, යුද හමුදා වෛද්‍ය බලකායේ අධ්‍යක්ෂක වෛද්‍ය බ්‍රිගේඩියර් චන්දික අත්තනායක, ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්යාලධිකාරි මංගල රන්දෙණිය සහභාගී විය.

මෙම එන්නත් කරන වැඩසටහන දිවයින පුරා ක්‍රියත්මක වන අතර විදේශ රැකියාවකට යාම සඳහා වීසා සහ රැකියා ගිවිසුම ලැබී ඇති අයට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk යන වෙබ් අඩවියට පිවිස එන්නත ලබා ගැනීම සඳහා ලියාපදිංචි විය හැකිය.

ඉන්පසු ඔවුන්ට එන්නත ලබාගත හැකි දිනය, වේලාව සහ ස්ථානය කෙටි පණිවිඩයක් මගින් දැනුම් දෙනු ලබන අතර, ඒ අනුව අදාළ එන්නත් කරන මධ්‍යස්ථානයට පැමිණ කොවිඩ් මර්ධන එන්නත ලබාගත හැකිය.

May be an image of 3 people, people standing and people sitting

May be an image of 6 people, people standing and outdoors

May be an image of 2 people and people standing

May be an image of one or more people

May be an image of 3 people

May be an image of 4 people and people standing

May be an image of 2 people, people sitting and people standing

May be an image of 1 person and standing

No photo description available.

May be an image of 2 people, people standing, people sitting and outdoors

No photo description available.