ජීවිත රක්ෂණ ඔප්පු නැවත ස්ථාපනය කර සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් දැවැන්ත ඉදිරි පියවරක් තබයි.

May 10, 2021 at 4:00 PM

ජීවිත රක්ෂණ සමාගම් රැසක් තිබුනද තම සේවාලාභීන් වෙනුවෙන් නිබඳවම කැපවෙන රක්ෂණ සමාගම ඇත්තේ කිහිපයක් පමණි. ඒ අතරින් ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් සහිත සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම තම සේවාලාභීන් වෙනුවෙන් මුදලින් මැනිය නොහැකි සේවාවක් ඉටුකර දීම පිළිබඳ රක්ෂණ ක්ෂේත්‍රයේ සියළුදෙනා අතර කතාබහට ලක්වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛපෙළේ ජීවිත රක්ෂණ සැපයුම්කරුවෙකු වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම, පවතින වසංගත තත්වය හේතුවෙන් වාරික ගෙවීමට නොහැකිව අප්‍රාණික තත්වයට පත්වූ 21,000කට අධික රක්ෂණ ඔප්පු හිමියන්ගේ ජීවිත රක්ෂණ ඔප්පු නැවත ස්ථාපිත කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාගම බවට පත්වීමෙන් ජීවිත රක්ෂණ ඉතිහාසයේ නව සංධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත් විය. සුප්‍රකට ජර්මානු රාජ්‍ය නොවන සංවිධානයක් වන GIZ (අන්තර්ජාතික ජර්මානු ජාත්‍යතන්තර සහයෝගිතා ආයතනය) ආයතනය මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය දායකත්වය සපයනු ලැබීය.

කොවිඩ් -19 වසංගතයත් සමඟ ඇති වූ උග්‍ර මූල්‍ය අර්බුදය හේතුවෙන් දිවයිනේ බොහෝ පිරිස් පීඩාවට පත්වූ අතර ඉන් වැඩි කොටසක් පහල හා මධ්‍යම පාන්තික ජනතාවයි. ජනතාවගේ යහපැවැත්ම වෙනුවෙන් නිබඳව පෙනී සිටින වගකිවයුතු රක්ෂණ ආයතනයක් ලෙස, සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් මෙම රක්ෂණ ඔප්පු හිමියන් වෙනුවෙන් තම ලාභ අපේක්ෂාවන් පසෙක දමමින්, සියළුම හිඟ වාරික පියවා, මෙම ගනුදෙනුකරුවන්ගේ ජීවිත රක්ෂණ ඔප්පු දැන් නැවත සක්‍රීය කර ඇති අතර, වසංගත තත්වයෙන් මිදී රට ක්‍රමයෙන් ඉදිරියට යන මේ මොහොතේ සුරක්ෂිතව ඔවුන්ගේ ව්‍යාපාර සමඟ ඉදිරියට යාමට අවශ්‍ය ආරක්ෂාව සලසා ඇත.

මීට අමතරව ශ්‍රී ලාංකේය ජීවිත රක්ෂණ ක්‍ෂේත‍්‍රයේ විප්ලවීය වෙනසකට මුල පුරමින් ඕනෑම නව ජීවිත රක්ෂණ ඔප්පුවක් සඳහා රුපියල් මිලියනකට කොවිඞ් 19 ආවරණයක් නොමිලේ ලබාදීමට සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනය කටයුතු කරයි. ජනතාවට සේවය සැලසීම තම ආයතනික අරමුණ කරගත් සණස ලයිෆ් ආයතනය මේ අසීරු මොහොතේ මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ඉතා සුවිශේෂී වෙයි.

GIZ හා සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් එක්ක සිදුකල මේ දැවැන්ත ක්‍රියාන්විතය පිළිබඳව, සණස ලයිෆ් හි ප්‍රධාන විධායක නිලධාරී ඉන්දික කිරිවන්දෙනිය මහතා තම අදහස් මෙසේ ප්‍රකාශ කර ඇත. කොවිඞ් 19 වසංගතය මිලියන ගණනක් ශ්‍රී ලාංකිකයන්ට විශාල දුෂ්කරතා ඇති කර ඇති බව අප කවුරුත් දනිමු. කුඩා ව්‍යාපාර මත යැපෙන අපගේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ මාසික ආදායම රක්ෂණ වාරික ගෙවීමට තබා තම මුලික අවශ්‍යතා සපුරාගැනිමට පවා නොහැකි විය. අවශ්‍ය ඕනෑම මොහොතක තම ගනුදෙනුකරුවන් වෙනුවෙන් පෙනී සිටින සමාගමක් ලෙස, මෙම 21,000කට අධික රක්ෂණ ඔප්පු හිමියන්ට විශ්වාසයෙන් යුතුව අනාගතයට මුහුණ දීමට උපකාර කිරීම සඳහා අපි, ප්‍රමුඛ ජර්මානු රාජ්‍ය නොවන සංවිධානයක් වන GIZ සමඟ හවුල්කාරීත්වයකට එළඹුනෙමු. තවද, ඕනෑම නව ජීවිත රක්ෂණ ඔප්පුවක් සඳහා රුපියල් මිලියනක කොවිඞ් 19 ආවරණයක් නොමිලේ ලබාදීම තුලින්ද ගනුදෙනුකරුවන්ට මෙම වසංගත තත්වය හමුවේ අමතර වියදමකින් තොරව ආරක්‍ෂාවක් ලබාදෙනු ඇත.

වර්ෂ 2003 දී ජීවිත රක්‍ෂණ සමාගමක් ලෙස කටයුතු කිරීමේ බලපත‍්‍රය ලබා ගත් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ඉන් වසර දෙකකට පසුව සාමාන්‍ය රක්ෂණ සමාගමක් ලෙස ක්‍රියාත්මකවිමේ බලපත්‍රය ද ලබා ගත්තේය. අද, සණස ඉන්ෂුවරන්ස් යනු තරුණ පරම්පාරවට රැකියා අවස්ථා දහස් ගණනක් සපයන ශ්‍රී ලංකාවේ පුමුඛතම රක්ෂණ සේවා සපයන්නෙකි.