ඉන්දියානු කොවිඩ් ප්‍රභේදය මෙරට තුළ ව්‍යාප්තවීමේ අවදානමක්

May 4, 2021 at 4:13 PM

ඉන්දියාව තුළ පැතිර යමින් පවතින වෛරස ප්‍රභේදය ද මෙරට තුළ ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා. කොවිඩ් -19 වෛරසයේ නව ප්‍රභේදය හඳුනාගැනීමත් සමග වෛරසය ව්‍යාප්තවීමේ වේගය ඉතා ඉහළ මට්ටමක පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මේ බව සදහන් කළේ.

“කොවිඩ් -19 වෛරසයේ ප්‍රභේදය වෙනස්වීමත් සමගම වෛරසය පැතිරීම වේගවත් වෙලා තියෙනවා. ඒ කියන්නේ එක් පුද්ගලයෙකුගෙන් වැඩි පිරිසක් ආසාදිත වෙන තත්ත්වයක් තියෙන්නේ. ඉන්දියාවේ මේ වෛරසයේ තවත් ප්‍රභේදයක් තියෙනවා. ඒකත් අපේ රට තුළට පැමිණීමේ අවදානම තියෙනවා. ඉන්දියාවේ සිට පැමිණෙන ධීවර යාත්‍රා සමග අපේ ධීවරයින් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ තුළ කොවිඩ් ආසාදිතයෝ හිටියොත් අපේ රට තුළට මේ වෛරසය එන්න පුළුවන්.”