ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාදුන් පුද්ගලයින් 06 කට සංකුලතා ඇතිවුණා – සෞඛ්‍ය ඇමතිනිය (VIDEO)

April 21, 2021 at 1:39 PM

ශ්‍රී ලංකාවේ ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා වයිරස් එන්නත ලබා ගැනීමෙන් පසු පුද්ගලයින් හය දෙනෙකු රුධිර කැටි ගැසීම් වලින් පීඩා විඳි බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අනාවරණය කර සිටිනවා.

ඒ, පුද්ගලයන් හය දෙනාගෙන් තිදෙනෙකු මියගොස් ඇති බව ඇය අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියේ.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය විශේෂඥයින් මෙම සිද්ධීන් පිළිබඳව අධ්‍යයනය කර ඇති අතර එන්නත නිසා රුධිර කැටි ගැසීම් සිදු නොවූ බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කර සිටියේ.

කෙසේ වෙතත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත දිගටම පවත්වාගෙන යන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දී ඇති බවද මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කළා.

2021 ජනවාරි 29 වන දින එන්නත් කිරීමේ වැඩසටහන ආරම්භ කළ දින සිට ශ්‍රී ලංකාව පුරවැසියන් 900,000 කට වැඩි පිරිසකට එන්නත් ලබා දී තිබේ.