වයෝවෘද්ධ පියාට පහරදුන් දියණිය සහ මිනිපිරියට සිදුවූ දේ (VIDEO)

April 20, 2021 at 8:19 PM

වයෝවෘද්ධ පියෙකුට නිවසට පැමිණීමට ඉඩ ලබා නොදෙමින් ඉදළකින් සහ කුඩයකින් අමානුෂිකව පහරදෙන ඔහුගේ දියණිය සහ මිනිපිරිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කෙරෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ සොයාබැලීමකදී අනාවරණ වුණේ නාරාහේන්පිට – දාබරේ මාවතේ නිවසකින් මෙම සිද්ධිය වාර්තාවන බවයි.

දියණිය සහ මිනිපිරිය එම පියාට බැණ වදිමින් පහරදෙන්නේ අවශ්‍ය නම් පොලීසියට යන ලෙසටද තර්ජනය කරමින්.

මේ වනවිට පහරකෑමට ලක්වූ පියා, රෝහල් ගතකර ඇති අතර, අත්අඩංගුවට ගත් දියණිය සහ මිනිපිරියට ඇප ලබාදුන් බව පොලීසිය ප්‍රකාශ කළා.