හෙරොයින් කිලෝ 340ක් සමග ලාංකික ධිවර යාත්‍රාවක් ඉන්දියාවේදී අත්අඩංගුවට

April 19, 2021 at 10:20 PM

ඉන්දීය මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සිදුකළ මෙහෙයුමකදී හෙරෝයින් කිලෝග්‍රෑම් 340ක් සමග ශ්‍රී ලංකාවට අයත් බහුදින ධිවර යාත්‍රාවක් අද දිනයේදී සිය භාරයට ගෙන තිබෙනවා.

” දුව ශශිලා” නම් වූ මෙම බහුදින ධිවර යාත්‍රාවේ සිටි ධිවර කාර්මිකයින් 05 දෙනෙකුද ඉන්දීය මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් විසින් සිය අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

ඉන්දීයාවට අයත් ගැඹුරු මුහුදේ තිරයේ දි මෙම ධිවර යාත්‍රාව එරට නාවික හමුදාවට අයත් නෞකාවක් විසින් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව සැකපිට සිය භාරයට ගෙන වැඩිදුර විමර්ෂණය සඳහා කෝචි හී වරායට රැගෙන විත් තිබෙනවා.

එහිදී සිදුකළ සෝදිසියේදී මසුන් ඇසිරීමට ගෙනා අයිස් අතර සඟවා තිබී මෙම හෙරොයින් කිලෝග්‍රෑම් 340 සොයා ගෙන ඇත.