03 වන මුහුදු කෞතුකාගාරය විවෘත කරයි (VIDEO)

April 10, 2021 at 6:26 PM

මෙරට මුහුද යට ඉදිකරපු තුන්වෙනි මුහුදු කෞතුකාගාරය ජනතාව වෙනුවෙන් අද විවෘත වුණා.

ධීවර අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව මාතර දික්වැල්ල,  නිල්වැල්ල මුහුදු තීරයේ මෙම කෞතුකාගාරය ඉදිකරනු ලැබුවා.

එය විවෘත කිරීම සිදුවණේ අමාත්‍ය නාමල් රාජපක්ෂ හා රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර ගේ ප්‍රධානත්වයෙන්.

මෙම කෞතුකාගාරයේ සුවිශේෂත්වය වන්නේ දිය මතුපිට සිට වුවද එය නැරඹීමේ හැකියාව පැවතීමයි.