අජිත් මානාප්පෙරුම මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

April 9, 2021 at 10:30 AM

රන්ජන් රාමනායක ගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන සඳහා අජිත් මාන්නාප්පෙරුම මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දෙනු ලැබුවා.

අද (09) උදෑසන 10ට පාර්ලිමේන්තුව රැස්වු අවස්ථාවේ දී කථානායකවරයා ඉදිරියේ මන්ත්‍රීවරයා දිවුරුම් දුන්නා.

අජිත් මාන්නාප්පෙරුම එම මන්ත්‍රීධූරය සඳහා තෝරා පත්කර ගන්නා ලද බවට මැතිවරණ කොමිසම විසින් දැන්වීමත් සමග එයට අදාළ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කෙරුණා.

2020 අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කළ අජිත් මාන්නප්පෙරුම මැතිවරණයේදී මනාප ඡන්ද 47,212ක් හිමිකර ගනිමින් ගම්පහ මනාප ලැයිස්තුවේ පස්වන ස්ථානයට පත්ව තිබුණා.