මාස දෙකක් කල් ගිය සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹේ

March 1, 2021 at 8:25 AM

2020 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ කෙරෙනවා. විභාග මධ්‍යස්ථාන 4,513කදී ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය ලබන 10 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා සිසුන් 622,352කු අයදුම්කර තිබෙන අතර ඉන් 423,746 දෙනෙකු පාසල් අයදුම්කරුවන් වන අතර පෞද්ගලික අයදුම්කරුවන් 198,606 දෙනෙකු වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දිවයින පුරා පිහිටි සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542කින් මෙවර විභාගය සම්බන්ධීකරණ කටයුතු සිදුකෙරෙන අතර කොවිඩ් -19 වසංගත තත්ත්වය යටතේ ආසාදිත වු දරුවන් සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන 40කට ආසන්න ප්‍රමාණයක් ස්ථාපිත කර ඇත.

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමේ දී විශේෂ ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත සඳහන් කළේ.