පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කොමිෂන් වාර්තාව මල්වතු, අස්ගිරි මහ නා හිමිවරුන්ට

March 1, 2021 at 3:16 PM

ජනාධිපතිතුමා වෙත භාර දුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමිපාණන්ට සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමිපාණන්ට පිළිගන්වනු ලැබුවා.

ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර විසින් අද (01) පෙරවරුවේ මල්වතු මහා විහාරයේ දී සහ අස්ගිරි මහා විහාරයේ දී උන්වහන්සේ වෙත වාර්තාව පිළිගන්වනු ලැබුවා.