ප්‍රාර්ථනාව නිවන් දකිනතුරු මෙහෙ උපදින්න වුනත් ඉපදුණ ගමන් හදන්නේ රටින් යන්න – සුනිල් පෙරේරා (VIDEO)

March 1, 2021 at 8:53 PM

කොවිඩ් -19 වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඒමට නොහැකිව අසරණවී සිටින විදේශගත ලාංකික ශ්‍ර්මිකයින්ව යලි සිය රට බලා ගෙන ඒමේ වැඩසටහන සඳහා සමස්ත ජාතියක් වශයෙන් සියලු දෙනා එක්වී තමන්ට හැකි අයුරින් දායක විය යුතු යැයි සුප්‍රසිද්ධ ගායකයෙකු වන සුනිල් පෙරේරා ප්‍රකාශ කර සිටිනවා.

මැදපෙරදිග අසරණවී සිටින මෙම ශ්‍රමිකයින් සිය දරු පවුල් ජිවත් කරලීම සඳහා විදේශගතව ඇති බවත් ඔවුන්ට යලි මව්රට බලා ඒමට ලක්ෂ 02ක් වැනි මුදලක් දරමින් ගුවන් ටිකට් පත් සඳහා මුදල් දැරීම අපහසු කරුණක් බවයි ඔහු සඳහන් කළේ.

කොවිඩ් -19 නිසා විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් මුහුණ පාන ගැටලු සහ ඔවුන් මෙරටට පැමිණීමේදී මුහුණපාන ගැටලු පිළිබඳ කතා බහ කෙරුනු විශේෂ හරි ටීවී හෙලිදරව්ව වැඩසටහන පහතින්.