කැලණියේ දී යුද හමුදා බස් රථයක් දුම්රියක ගැටෙයි (PHOTOS)

March 1, 2021 at 11:55 AM

හේකිත්ත යුද හමුදා ආබාධිත රණවිරුවන් මධ්‍යස්ථානයේ සිට පාලන රාජකාරි සඳහා පනාගොඩ යුද හමුදා කඳවුර වෙත ගමන් කරමින් තිබු බස් රථයක් කැලණිය – වනවාසල ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේ දී ගැටීමෙන් අනතුරකට ලක්ව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේදී යුද හමුදා බස් රථයේ හමුදා සාමාජිකයින් සිව්දෙනෙකු සිට තිබෙන අතර අනතුරෙන් ඔවුන්ට තුවාල සිදුව නොමැති බවයි හමුදා ආරංචි මාර්ග සඳහන් කළේ.

( ජායාරූප උපුටා ගැනීම – Accident 1st)