උමාරියාගේ සාකච්ජාව : පොලිසියෙත් අවධානයට (VIDEO)

February 23, 2021 at 12:39 AM

සමාජ මාධ්‍ය යොදා ගෙන සිදුකරනු ලබන සමාජ විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් මේ වන විට රටේ දැඩි කතා බහක් ඇතිවී තිබෙනවා. ඒ සමාජයේ විවිධ කේෂ්ත්‍රවල සිටින ජනප්‍රිය පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් සිදුවන අපහාසාත්මක ක්‍රියාවන් දිනෙන් දින ඉහළ යාම හේතුවෙන්.

ජනප්‍රිය ගායිකාවක් වන උමාරියා සිංහවංශ පසුගියදා තමන්ට මුහුණ දීමට සිදුවූ එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකශය සම්බන්ධයෙන් මේ වන විට පොලිසියේ අවධානය යොමු වී තිබෙනවා.

සමාජ මාධ්‍යය ඔස්සේ සමාජ විරෝධී ක්‍රියාවන් සිදුකරනු ලබන පුද්ගලයින්ට වසර 05 ක සිර දඬුවම් ලබාදීමට හැකියාව ඇති බවත් එවැනි චෝදනා ලද පුද්ගලයින් 17 දෙනෙකු හට පසුගිය කාලයේදී එලෙස දඬුවම් පමුණුවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

එමෙන්ම අසභ්‍ය ප්‍රකාශන පනත යටතේ අසභ්‍ය දර්ශනයක් මාධ්‍ය වෙත මුදා හරිනු ලබන්නේ නම් ඔවුන්ට වසර දෙකක කාලයක් සඳහා සිර දඬුවම් ලබාදිය හැකි බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කලේ.

නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ යම් අවස්ථාවක එවැනි ක්‍රියාවක වින්දීතයෙක් වන පුද්ගලයෙකු හට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට dir.cid@police.lk යන විද්යුත් තැපැල් ලිපිනය ඔස්සේ හෝ පැමිණ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි.