පොලිසියටත් ඇඟිලි සලකුණු යන්ත්‍ර

January 18, 2021 at 9:26 AM

සෑම පොලිස් ස්ථානයකම ඇඟිලි සලකුණු යන්ත්‍ර සවි කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇත. පොලිස් නිලධාරීන් රාජකාරියට පැමිණීමේදී සහ පිටව යාමේදී ඇඟිලි සලකුණු තැබීම සඳහා මෙම පියවර ගෙන තිබෙනවා.

දැනට පවතින ක්‍රමය අනුව පොලිස් නිලධාරීන් සේවයට පැමිණ පොතෙහි සටහන් තැබිය යුතුය. පොලිස් ස්ථානයක නිලධාරීන් පනහක් සේවය කරන්නේ නම් දිනකට සටහන් පනහක් පොතට එක්වේ.

මේ නිසා සෑම දිනකදීම උදය කාලයේදී පොලිස් ස්ථානාධිපතිවරයාට පැය තුනක පමණ කාලයක් වැයකරමින් මෙම සටහන් කියැවීමට සිදුව ඇත. එබැවින් ස්ථානාධිපතිවරයාට රාජකාරි කිරීමට ලැබෙන කාලය සීමිත වී ඇති බව පොලිස් ස්ථානාධිපතිවරුම පවසයි.

නවීන තාක්ෂණය උපයෝගී කරගෙන පොලිස් සේවය වඩාත් කාර්යක්ෂම ලෙස දියුණු කිරීමට මෙම පියවර ගෙන ඇති බවය. එසේම මෙම ක්‍රමය මගින් ජනතාවට ලබාදෙන සේවය වඩාත් ඉහළ නැංවීමටද හැකිවනු ඇති බවයි මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

( අරුණ පුවත්පත)