සිරස ලක්ෂපති වැඩසටහනේ මිලියන 02ක් ජයග්‍රාහණය කළ ෂුක්රා මුනව්වර් හමුවීමට ගිය හිටපු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම (VIDEO)

January 18, 2021 at 1:55 PM

සිරස ලක්ෂපති වැඩසටහනේ 8වන අදියරේ මිලියන 02 දිනාගත් ෂුක්රා මුනව්වර් දියණිය මුන ගැසීමට හිටපූ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත දෙවරප්පෙරුම පැමිණියා.

ලක්ෂපති වැඩසටහන නරඹා පැමිනී මන්ත්‍රීවරයා ඇයට තෑගී වශයෙන් ටැබ් සහ මුදලින්,පොත් පත් වලිනද උදව් උපකාර කරනු ලැබුවා.

මෙහිදී අදහස් දැක්වූ ෂුක්රා මුනව්වර් මෙසේ කියා සිටියා,

මම සිරස ලක්ෂපති තරගයට ගියේ ඉගෙන ගන්න අවශ්‍ය කරන ලැප්ටොප් පරිඝණයක් ගන්න. ඒක අද රටේ ළමයි බොහෝ දෙනෙකුට තියෙන ගැටළුවක්. මම කවදාවත් හිතුවේ නැහැ පාලිත තෙවරප්පෙරුම කියන මන්ත්‍රීතුමා හමුවෙන්න ලැබේවි කියලා. එතුමා විතරක් නෙමේ එතුමාගේ නෝනත් මාව බලන්න අද ආවා. මට කියවන්න ගොඩක් පොත් ගෙනල්ලා දුන්නා.

මේ වගේ මන්ත්‍රීවරුන් අද දේශපාලනයේ ඉන්න ඕන, මේ රට කවදා හරි අමෙරිකාව වගේ දියුණු තැනකට ගෙන්න පුළුවන් වෙන්නේ එතකොටයි. මගේ බලාපොරොත්තුව කවදා හරි ප්‍රධාන විධායක ශ්‍රේණියේ නිලධාරිනියක් වෙන්න. මගේ ඉලක්කය යන්න ඉඩ ලැබෙන්න කියලා හැමෝම ප්‍රාර්ථනා කරන්න ඇය මෙහිදී සියලු දෙනා ගෙන් ඉල්ලා සිටියා.

VIDEO :

https://www.facebook.com/100007418264262/videos/2833591646898083/

Image may contain: 3 people, people standing and indoor

Image may contain: 3 people, people standing and indoor

Image may contain: 3 people, people standing and beard