උසස් පෙළ හෝ උපාධියක් නොමැතිව ලංකාවේ ප්‍රධාන පෙළේ තාක්ෂණ ආයතන කිහිපයක් ඇතිකළ “කූඹියෝ හි මල්දෙනිය” ගේ කතාව (VIDEO)

January 18, 2021 at 11:20 AM

කුඹියෝ ටෙලි නාට්‍යයේ දෙවන කොටස මේ වන විට ලියැමින් පවතින බව එම නාට්‍යයේ මල්දෙණිය මහතාගේ චරිතය රගපෑ පිටර් ඩී අල්මේදා මෙවර ස්ටෑන්ඩ් විත් ලහිරු වැඩසටහන සමග එක්වෙමින් ප්‍රකාශ කර සිටිනවා. රගපෑමට දස්කමක් දක්වන පීටර් ඩී අල්මේදා වෘත්තියෙන් රංගන ශිල්පියෙක් නොවන අතර මෙරට ප්‍රධාන පෙලේ තාක්ෂණ සමාගමක් වන මිලේනියම් IT ඇතුළු ප්‍රධාන පෙලේ සමාගමේ කිහිපයක සම නිර්මාතෘවරයා වන්නේ ඔහුයි.

උසස් පෙළ විභාගය අසමත්වූ තමන් තුල තමන්ට කිසිදු උපාධියක්, ඩිප්ලෝමාවක් නොමැති බවයි ඔහු ප්‍රකාශ කළේ.

තමන්ගේ සිතීමේ ශක්තිය මෙන්ම, උනන්දුව යන කරුණු සහ මෙරට වමේ දේශපාලනයේ ප්‍රධාන වෘත්තීය සමිති නායකයෙකු වන බාලා තම්පෝ ගේ ඇසුරෙන් ජිවිතයට ලද දැනුම දියුණුව කරා යෑමට බෙහෙවින් ඉවහල් වූ බවයි කියා සිටියේ.

අද අධ්‍යාපන කේෂ්ත්‍රයේ උසස් ලකුණු ලබා ගනිමින් උපාධිය ලබා ගන්නා පුද්ගලයින්ට එදිනෙදා සමාජයේ ඇතිවන ගැටළු විසඳීමට දක්වන්නේ ඉතා අල්ප හැකියාවක් බවයි ඔහු මෙම වැඩසටහනට එක්වෙමින් කියා සිටියේ.

ස්ටෑන්ඩ් විත් ලහිරු සමග වැඩසටහනේදී පීටර් ඩී අල්මේදා සිදුකළ සම්පුර්ණ සාකච්ජාව පහතින් :