අවුරුදු 18ට වැඩි තරුණ තරුණියන්ට හමුදා පුහුණුවක් (VIDEO)

January 18, 2021 at 9:57 AM

වයස අවුරුදු 18ට වැඩි සෑම පුද්ගලයෙකුටම හමුදා පුහුණුවක් ලබා දීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව මහජන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසනවා.

ලෝකයේ බොහෝ රටවල් මෙම ක්‍රමවේදය අනුගමනය කරන බවත් ඔවුන් එමගින් යහපත් ප්‍රථිපල අත්පත් කර ගන්නා බවයි අමාත්‍යවරයා පවසන්නේ.

හමුදා පුහුණුවක් මගින් ජනතාව නීතිගරුක වන බවත් එම යෝජනාව සිදුකලේ රටේම යහපතට බැවින් පුහුණුවට කවුරුත් බියක් ඇතිකර නොගත යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

VIDEO:

https://fb.watch/34NTxi4Zfl/