විචාරවලට පිළිතුරු දිය යුතු අයුරු මහේල කියයි

January 17, 2021 at 4:35 PM

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව් වන දිනයේ තරගය මේ වන විට ක්‍රියාත්මක වෙමින්පවතිනවා.

ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න ශතකයක් රැස්කර ගැනීමට සමත් වුණා. මෙය තිරිමාන්නගේ දෙවන ටෙස්ට් ශතකයයි ඉනිම් 54කට පසුව ඔහු මෙම ශතකය ලබාගැනීමත් විශේෂත්වයක්.

මේ සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ට්විටර් පණිවුඩයක් තබමින් කියා සිටියේ, විචාරවලට පිළිතුරු ලබා දිය යුත්තේ පිත්තෙන් බවයි.

සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 09ක් දැවි ලබා සිටි ලකුණු සංඛ්‍යාව 353ක්.

ඒ අනුව ඔවුන් එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 75ක් ඉදිරියෙන් සිටින්නේ එක් කඩුල්ලක් අතැතිවයි.