පාර්ලිමේන්තු සේවකයින් සිව්දෙනෙකුට කොරෝනා

January 17, 2021 at 12:19 PM

මෑතකදී සිදුකළ PCR පරීක්ෂණ මගින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලේ සේවකයින් සිව්දෙනෙකුට නව කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තාහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්‍රකාශ කර සිටිනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළුව පාර්ලිමේන්තු සේවකයින් 460 කට අධික පිරිසකගේ PCR පරීක්ෂණ පසුගියදා සිදුකරනු ලැබුවා.

එම වාර්තා අනුව මෙම සේවකයින් සිව්දෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි තහවුරු වී ඇත්තේ.