දැන් සිට හුදෙකලා කරන ග්‍රාම නිලධාරි වසම්

January 17, 2021 at 2:26 PM

වහාම ක්‍රියාත්මක වන පරිදි මිනුවන්ගොඩ සහ මාතලේ පොලිස් බලප්‍රදේශ වල පිහිටා ඇති ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදෙකලා කිරිමට පියවර ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව මිනුවන්ගොඩ පොලිස් වසමේ නැගෙනහිර ගල්ඔලුව සහ බටහිර ගල්ඔලුව ග්‍රාම නිලධාරි වසම හුදෙකලා කෙරෙනු ඇත.

ඊට අමතරව මාතලේ පොලිස් වසමේ පහත සඳහන් ග්‍රාම නිලධාරි වසම් හුදෙකලා කර ඇත.

වරකාමුර ග්‍රාම නිලධාරි වසම
මීදෙනිය ග්‍රාම නිලධාරි වසම
දෙහිපිටිය ග්‍රාම නිලධාරි වසමේ මාත්තාව ගම්මානය.