චීනයේ නිෂ්පාදිත අයිස්ක්‍රීම් තුල තිබී කොරෝනා වෛරසය හඳුනා ගැනේ

January 16, 2021 at 10:02 PM

චීනයේ නිෂ්පාදිත අයිස්ක්‍රීම් සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පර්යේෂණයකදී එහි තිබි කොරෝනා වෛරසය හමුවී තිබෙනවා. ඊසාන දිග චීනයේ පිහිටි ටියැන්ජින් නගරයේ නිපදනවන ලද අයිස් ක්‍රීම් සාම්පල් ඇසුරෙන් කරන ලද විද්‍යාගාර පර්යේෂණයකදී මෙලෙස එහි වෛරසය රැඳී ඇති බවට හෙළිවී ඇත්තේ.

ටියැන්ජින් නගරයේ පිහිටි ඩකියාඩෝ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ සකස් කරන ලද අයිස්ක්‍රීම් පෙට්ටි 4,836ක් වෛරසයට නිරාවරණය වී ඇති අතර ඉන් ඇසුරුම් 2,089ක් මේ වන විට ගබඩාවල තිබී සොයා ගෙන ඇත.

ඉතිරි අයිස්ක්‍රීම් ඇසුරුම් වලින් 1,812 ක් වෙනත් පළාත්වලට යවා ඇති අතර අනෙක් ඇසුරුම් 935 ක් ටියැන්ජින් නගරයේ වෙළඳපොළට මුදාහැර ඇති අතර ඉන් 65ක් පාරිභෝගිකයින්ට විකුණා ඇති බවට හෙළිවී ඇත.

මෙම අයිස්ක්‍රීම් නිපදවූ කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන සේවකයින් 1662 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කොට ඇති අතර ඔවුන්ව අද දිනයේදී PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.