බලංගොඩ සහ ඇඹිලිපිටිය නගර සභා සභාපතිවරුන් ගේ සේවය අත්හිටුවයි

January 16, 2021 at 11:20 AM

බලංගොඩ සහ ඇඹිලිපිටිය නගර සභාවල සභාපතිවරුන්ගේ සේවය අත්හිටුවා තිබෙනවා. ඒ අනුව එහි බලතල උප සභාපතිවරුන්ට පවරමින් සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.ඒ නගර සභා පනත උල්ලංඝණය කිරීමේ චෝදනාව හේතුවෙන්.

නගර සභා සභාපතිවරුන් දෙදෙනාට එරෙහිව එල්ලවී ඇති චෝදනා විභාග කොට මාස තුනක් ඇතුළත තමන් වෙත වාර්තා කිරීම සඳහා විශ්‍රාමික මහාධිකරණ විනිසුරු රොහානා අනුර කුමාරගේ ප්‍රධානත්වයෙන් යුත් ඒක පුද්ගල කොමිසමක් ද ආණ්ඩුකාරවරයා විසින් පත් කර ඇත.