ඉදිරියේදී ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් දැඩි තීන්දු තීරණ ගන්නා බව ඇමති නාමල් කියයි (VIDEO)

January 16, 2021 at 10:16 PM

ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සෑහීමට පත්විය නොහැකි බවත් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් දැඩි තීන්දු තීරණ රැසක් ගැනීමට තමන් බලාපොරොත්තු වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා.

” දැන් එංගලන්ත තරග සංචාරය පැවැත්වෙන අතර වාරයේදී මේ ගැන කතා කරලා ක්‍රීඩකයින්ව මානසිකව පීඩනයකට ලක් කිරීම සුදුසු නැහැ. වර්ථමානයේ ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩා විලාශය ගැන සෑහීමට පත්වෙන්න බැහැ.

තරගාවලියෙන් අනතුරුව ක්‍රිකට් පාලක මණ්ඩලය එක්කසාකච්ජා කරලා දැඩි තීන්දු තීරණ කිහිපයක්ම ගන්න සිද්ධ වෙනවා” යැයි ක්‍රීඩා අමාත්‍යවරයා මාධ්‍යවේදියෙකු නැගු පැනයකට පිළිතුරු දෙමින් කියා සිටියා.

VIDEO :

https://www.facebook.com/119154468144820/posts/3995090633884498/