ETI අධ්‍යක්ෂකවරුන්ට ඇප නියම වෙයි

January 15, 2021 at 2:33 PM

ETI සමාගමේ සිදුවූ මුල්‍ය වංචා සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි එම සමාගමේ අධ්‍යක්ෂකවරුන් සිව්දෙනා හට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද ඇප නියම කරනු ලැබුවා.

ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන අධ්‍යක්ෂකවරුන් සිව්දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ නීතිපතිවරයා විසින් සිදුකළ නියෝගයක් අනුවයි.

මුදල් විශුද්ධිකරණය ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ETI සමාගමේ සභාපතිවරුන්ට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.