දළදා සමිඳුන් පොත් 2564කින් පිදූ බාලිකා පාසල

January 15, 2021 at 6:19 PM

මහනුවර මහාමායා බාලිකාවන් සිය විදුහලේ  89 වෙනි සංවත්සරය අද(15) දළදා සමිඳුන් අභියස දී ග්‍රන්ථ 2564ක් පූජා කරමින් සමරනු ලැබුවා.

දළදා සමිඳුන් අභියස පූජා කළ 2564ක් වූ මෙම සියළු ග්‍රන්ථ රචනා කර ඇත්තේ මහාමායා බාලිකාවන් විසින් වීම විශේෂත්වයක්.

ඒ විද්‍යාලයේ සංවත්සරය හා ශ්‍රී සම්බුද්ධ ජයන්තියට වර්ෂ 2564 ක් සැපීරීම නිමිත්තෙන් “මහාමයා පන්හිඳෙන් දළදා උපහාර” ලෙස තේමා කර ගනිමින් .

මහනුවර  මහාමායා බාලිකා විද්‍යාලය වර්ෂ 1932 දී සාරා සෝයිසා ආර්යාව සහ චිත්‍රාවෝ රත්වත්තගේ නායකත්වයෙන් යුත් සදාචාර කුලගන සමිතිය විසින් ආරම්භ කරන ලද්දකී.