හෙට සිට හුදෙකලා භාවයෙන් මුදා හැරෙන ප්‍රදේශ

January 15, 2021 at 8:24 PM

ප්‍රදේශ කිහියක් හෙට (16) උදෑසන 5.00 සිට හුදකලා බවින් ඉවත් කරනු ලබන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

ඒ අනුව ඇහැළියගොඩ පොලිස් වසමට අයත් මින්නාන ග්‍රාම නිලධාරී වසම, බෝපත්ඇල්ල ග්‍රාම නිලධාරී වසම,
විලේගොඩ ග්‍රාම නිලධාරී වසම, අස්ගඟුග ග්‍රාම නිලධාරී වසම, යකුදාගොඩ ග්‍රාම නිලධාරී වසම හුදෙකලා භාවයෙන් මුදා හැරීමට නියමිතයි.

ඊට අමතරව පානදුර පොලිස් වසමට අයත් 675 තොටවත්ත ග්‍රාම නිලධාරී වසම සහ බේරුවල පොලිස් වසමේ පිහිටි මග්ගොන නැගෙනහිර සහ මග්ගොන බටහිර ග්‍රාම නිලධාරී වසම් ද හුදෙකා භාවයෙන් මුදා හැරෙනු ඇති.