හැටන් ප්‍රදේශයේ පාසැලක සිසුවෙකුට කොරෝනා : සිසු සිසුවියන් ඇතුළු පිරිසක් නිරෝධායනයට

January 15, 2021 at 6:12 PM

හැටන් ප්‍රදේශයේ පාසල් සිසුවෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට අද තහවුරු වීමෙන් අනතුරුව එම සිසුවාගේ ආශ්‍රිතයින් 53 දෙනෙක් සහ ගුරුවරුන් පිරිසක් නිරෝධායනයට යොමුකර තිබෙනවා.

කොවිඩ්-19 වෛරසය ආසාදිතයෙක් ලෙස හඳුනාගත් මෙම සිසුවා දින දෙකක් පාසැල් ගොස් ඇති බව වාර්තාවීමෙන් අනතුරුව එම තීරණය ගෙන ඇත.

එම සිසුවාගේ පියාටද මීට පෙර වෛරසය ආසාදනය වී ඇති අතර, ඔහු කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටි අයෙක් බව හඳුනාගෙන ඇත.

ඔහුගේ පවුලේ සාමාජිකයන් ස්වයං නිරෝධායනයට යොමුකර පසුව සිදුකළ පී.සී.ආර් පරික්ෂණ වාර්තාව අනුව එම සිසුවාටත් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු තිබේ.