රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොරෝනාවට බියේ පළා ගියේ නැහැ

January 15, 2021 at 7:41 PM

කොරෝනා රෝගීන් නිතර හමුවන රෝහලක සේවය කරන විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ වාට්ටුවේ වෛද්‍යවරයෙකුට කොරෝනා වෛරසය වැළඳීම අනපේක්ෂිත දෙයක් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය කොවිඞ් ආසාදිතයෙකුගේ පළමුපෙළ ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගැනීම පිළිබඳව පැහැදිළි කරමින් එම සංගමය නිකුත් කල නිවේදනයක මේ බව සඳහන්.

සිය සංගමය කොරෝනා වෛරසයට නොබියව මුහුණ දුන් පිරිසක් මිස පළාගිය පිරිසක් නොවන බව එහි දැක්වෙනවා.

ඕනෑම අභියෝගයකට නිවැරදිව මුහුණ දීමේ අත්දැකීම් සිය සංගමය සතු බවත් කිරිපිටි, දුම්වැටි සහ මධ්‍යසාර සඳහා මෙහෙයවන මුදල්වලට විරුද්ධව රටේ දරුවන්ගේ යහපත සඳහා සිය සංගමය කරගෙන යන මෙහෙයුම් යටපත් කළ නොහැකි බවයි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Image may contain: text