ගුවන් සුනඛ බල ඇණියට එක්වූ නව සාමාජිකයින් (PHOTOS)

January 15, 2021 at 12:02 PM

ගුවන් සුනඛ බල ඇණියට තවත් ගුවන් සුනඛයන් 20 දෙනෙකු එක් කිරීමට සිවිල් ගුවන්සේවා අධිකාරිය පියවර ගෙන තිබේ. ඒ අනුව කටුනායක ගුවන්තොටුපොළේ ආරක්ෂාව වැඩි කිරීම සඳහා යොදවා ඇති පුහුණුව ලත් සුනඛ කණ්ඩායමේ සාමාජිකයින් ගණන 20ක්.

ගුවන් භාණ්ඩ ලෙස සහ ඇතැම් මගීන් විසින් රැගෙන යනුු ලබන ගමන් මලුවල රහසිගත ලෙස රැගෙන යා හැකි පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය පහසුවෙන් හඳුනාගත හැකි වන පරිදි මෙම සුනඛයින්ට විශේෂ පුහුණුවක් ලබා දී ඇත්තේ අස්ගිරිය ශ්‍රී ලංකා පොලිස් පුහුණු පාසලේදී.

තවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, රාජකාරි ඇරඹීට පෙර මෙම සුනඛයින් අන්තරායකර ඹෟෂධ පාලන මණ්ඩලය විසින් සත්‍ය නියැදි යොදාගනිමින් ද පවත්වන ලද ප්‍රායෝගික පරීක්ෂණයකට ද මුහුණ දුන් බවයි.

ඒ අනුව මෙරටදී එවැනි පරීක්ෂණයකට බදුන් වූ පළමු අවස්ථාව මෙය බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මෙම සුනඛ කණ්ඩායම ආරක්ෂක පිරික්සුම් මෙහෙයුම් සඳහා අවැසි පුහුණු කටයුතු නිමකර විසිර යාමේ උත්සවය පසුගිය දා කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්වුණා.