රංජන්ට පාර්ලිමේන්තු ආසනය අහිමි නොවන සමගී ජනබල වේගය කියයි (VIDEO)

January 13, 2021 at 6:06 PM

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි නොවන බව සමගි ජන බලවේගය පවසනවා.

මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා කියා සිටියේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අධිකරණයට අපහාස කිරීම සඳහා සිරගත කිරීමේ කාල සීමාව නියම කර නොමැති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුස්සකු වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනායකගේ සිරදඬුවම යොදා ගත නොහැකි බවයි මෙහිදී අදහස් දක්වමින් මන්ත්‍රී හර්ෂ ද සිල්වා වැඩිදුරටත් පැවසුවේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක හට සිව් වසරක සිර දඬුවමක් නියම කරනු ලැබුවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් නීතිඥ සුරේන් ප්‍රනාන්දු කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 (1) ()) සමඟ කියවා ඇති 89 ()) වගන්තිය ඡන්දදායකයින් නුසුදුස්සන් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන බවයි.

නීති කෘතයට අනුව මෙම නුසුදුසුකම් අදාළ වන්නේ මැතිවරණයක් අපේක්ෂා කරන හෝ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන අයට බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මෙම වරද අවුරුදු දෙකකට නොඅඩු කාලයක් සිර දඬුවම් ලැබිය හැකි වරදක් බවආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් නොවන බවත් අධිකරණය අපහාස කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සිර දඬුවමක් නියම නොකරන බවයි නීතිඥ සුරේන් ප්‍රනාන්දු පෙන්වා දෙන්නේ.

එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 (d) වගන්තියට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මන්ත්‍රී ධුරය දැරීමට නුසුදුස්සකු කළ නොහැකි බවත්, මන්ත්‍රීවරයකු ලෙස දිගටම කටයුතු කිරීමට ඔහුට අයිතිය තිබිය යුතු බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ.