රාජකාරි සම්බන්ධයෙන් නම්‍යශීලි වේලාවන් හඳුන්වා දීමට රජයේ අවධානය

January 12, 2021 at 12:03 PM

රාජකාරී සම්බන්ධයෙන් නම්‍යශීලි වේලාවන් හඳුන්වා දීම කෙරෙහි මේ වන විට රජයේ අවධානය යොමුව තිබෙන බව අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කර සිටිනවා.

අද (12) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

“සතියකට පැය 40ක් වැඩකරන්න ඕනේ නම්, සමහර දාට කලින් යන්න පුළුවන්. සමහර දාට පරක්කුවෙලා යන්න පුළුවන්. පැය 40 සම්පූර්ණ කිරීමයි අවශ්‍ය වෙන්නේ. හැමෝම එකම වේලාවක වැඩ ආරම්භ කරලා වැඩ අවසන් කිරීම වෙනුවට නව තාක්ෂණයක් භාවිත කරමින් නම්‍යශීලි රාජකාරී වේලාවන් සිදුකිරීම පිළිබඳ ආණ්ඩුවේ අවධානය යොමුවෙලා තියෙනවා” යැයි මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.