නිරෝධායනය වන මන්ත්‍රීවරු ගණන 31ක් දක්වා ඉහළට

January 12, 2021 at 5:47 AM

අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර,වාසුදේව නානායක්කාර සහ මන්ත්‍රී රාවුෆ් හකීම් හට කොවිඞ් -19 වෛරසය ආසාදනය වීම නිසා ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස උපදෙස් ලබාදුන් පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස සැලකෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව මේවන විට 31ක් දක්වා ඉහළ ගොස් ඇත.

වාර්තා වන පරිදි මෙම පිරිස අතර තිස්ස අත්තනායක,කෙහෙලිය රඹුක්වැල්ල,ගයන්ත කරුණාතිලක,එම්.ඒ. සුමන්තිරන්, එම්.රාධක්‍රිෂ්ණන්, ලක්ෂ්මන් කිරිඇල්ල, ජනක බණ්ඩාර තෙන්නකෝන්, කේ.එම් නන්දසේන, ෆයිසාල් කාසීම්, එම්.එම් හරීෂ්, අශෝක් අබේසිංහ යන අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් සිටියි.