ඇත්ත කතා කරන මනුස්සයා තනිවෙනවා, හිරේ යනවා අවසානයේදී මැරෙනවා – රංජන් කියූ කතාව (VIDEO)

January 12, 2021 at 11:36 AM

තමන් හිරේ ගියත් තමාගේ චරිතය අවසන් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමණායක ප්‍රකාශ කර සිටිනවා. Hari TV යුටියුබ් නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ජාවකදී ඔහු මේ බව කියා සිටියා.

” කොතරම් අවාසි උනත් ඇත්ත කතා කරන මනුෂ්‍යයා හුදෙකලා වෙන්න පුළුවන්, බැනුම් අහන්න පුළුවන්, ගුටි කන්න පුළුවන්, හිරේ යන්න පුළුවන්. අන්තිමටම මැරෙන්න උනත් පුලුවන්. නමුත් මගේ විරුද්ධ පාර්ශවය උනත් දන්නවා රංජන් රාමණායක කියන්නේ අත්තක් කියලා” මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කර සිටියා.

මෙහිදී හිටපු දකුණු අප්‍රිකානු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා ගේ ජීවිත කතාවද උදාහරණයට ගනිමින් ඔහු සිදුකළ ප්‍රකාශය පහතින් දැක්වේ,