අමෙරිකාවේ සත්ව උද්‍යානයක සිටින ගොරිල්ලන්ටත් කොරෝනා ආසාදනය වෙයි (VIDEO)

January 12, 2021 at 5:10 PM

අමෙරිකාවේ, ලොස් ඇන්ජලීස් හි පිහිටි සැන් ඩියාගෝ සත්ව උද්‍යානයේ සිටින ගොරිල්ලන් 08 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද තහවුරු වූ බව එම සත්ව උද්‍යානයේ පාලකයින් ප්‍රකාශ කර සිටිනවා.

මෙම සතුන් රැක බලා ගැනීමට යොදා සිටි සේවකයෙකු හරහා ඔවුන්ට වෛරසය සම්ප්‍රේෂණය වන්නට ඇති බවට අනුමාන කරන බවයි එම බලධාරින් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මිට පෙර සිංහයින්, සුනඛයින් සහ බළලුන් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ අවස්ථා කිහිපයක් දක්නට ලැබුනත් වානරයකෙට කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වූ බවට තහවුරු වූ පළමු අවස්ථාව මෙය බවයි සැලකෙන්නේ.