අධිකරණයට අපහාස කළාට මන්ත්‍රී රංජන්ට සිව් වසරක සිර දඬුවමක්

January 12, 2021 at 10:58 AM

විනිසුරුවරුන් දුෂිතයින් බව පවසා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමණායක වරදකරු බවට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට වසර 04 සිර දඬුවමක් නියම කරනු ලැබු තිබෙනවා.

රංජන් රාමනායක මන්ත්‍රීවරයා ජනමාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශයකින් අධිකරණ පද්ධතියට හා නීතිඥයන්ට අපහාසයක් සිදු කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා පැවති නඩු විභාගයකින් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසනවා.