දිනකට PCR පරීක්ෂණ 900ක් සිදුකළ හැකි පරීක්ෂණ රසායනාගාරයක් කුරුණෑගල පළාත් මහ රෝහලට

January 11, 2021 at 3:19 PM

කුරුණෑගල පළාත් මහ රෝහලේ PCR පරීක්ෂණ රසායනාගාරය විවෘත කිරීම ඊයේ දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ වරාය නාවික කටයතු මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය, ඡොන්ස්ටන් ප්‍රනාන්දු ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා.

රුපියල් ලක්ෂ 125 ක වියදමින් ස්ථාපිත කරන ලද මෙම PCR පරීක්ෂණ රසායනාගාරය මගින් දිනකට PCR පරීක්ෂණ 900 ක් පමණ සිදු කළ හැකිවේ. කුරුණෑගල සහ වයඹ පලාතෙන් පිට පළාත්වල ද PCR පරීක්ෂණ මේ මගින් සිදු කිරීමේ හැකියාව ලැබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.

රුපියල් ලක්ෂ පනස් හතරක් වටිනා පී.සී.ආර් යන්ත්‍රය කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විසින් නගර සභාවේ විමධ්‍යගත අරමුදලින් පිරිණමා තිබේ.

රිදීගම රිදී විහාරයේ ශ්‍රී බුද්ධරක්ඛිත හිමි, ඇත්කද විහාරයේ විහාරාධිපති ශ්‍රී සුමංගල හිමි අතුළු කුරුණෑගල විහාරස්ථානවල මහා සංඝරත්නය, ව්‍යාපාරික ප්‍රජාව සහ වයඹ වෛද්‍ය පීඨය මුදල් හා උපකරණ පරිත්‍යාග කරමින් මෙම රසායනාගාරය ඉදිකර ඇත.