ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාවට සිටි STF නිලධාරින් 30 කට කොවිඩ් ආසාදනය වෙයි

January 11, 2021 at 8:34 AM

ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයින් 30 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

සෞඛ්‍ය අංශ සඳහන් කළේ, ආරක්ෂක අංශ සාමාජිකයින් කිහිපදෙනෙකු අසනීප තත්ත්වයෙන් පසුවී ඇති බවය.

ඒ අනුව පසුගිය සිකුරාදා දිනයේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් අනතුරුව එම ආසාදිතයින් හඳුනාගෙන තිබේ.

(මුලාශ්‍ර : අද දෙරණ)