සව්රව් ගංගුලි රෝහල් ගත කරයි

January 2, 2021 at 2:18 PM

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සව්රව් ගංගුලි හදිසියේ රෝහල් ගත කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ඉන්දියාවේ ANI පුවත් සේවය සඳහන් කරන්නේ සභාපතිවරයාට හදිසියේ ඇතිවූ පපුවේ රිදීමක් නිසා ඔහු කොල්කටාවේ රෝහලකට ඇතුලත් කර ඇති බවයි.